ආදි ශිෂ්‍ය සංගමයේ බලපෑමක් හේතුවෙන් රෝයල් විදුහල්පති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Principal
By Thaya Jan 18, 2021 06:01 PM GMT
Report

කොළඹ රාජකීය විදුහල්පති විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කළ බී.ඒ. අබේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වෙත එම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ තනතුරක් හිටපු විදුහල්පතිවරයාට ලබා දීමට නියමිත බවද ලේකම්වරයා පැවසීය.

රාජකීය විදුහලේ විදුහල්පති ධුරයේ වැඩ බැලීම සඳහා එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා පත් කරන බවත් ඉන් පසු විධිමත් ලෙස අයදුම්පත් කැඳවා විදුහල්පති ධුරයට සුදුස්සෙකු පත්කරන බවත් ලේකම්වරයා කියයි.

අබේරත්න මහතාට විදුහල්පති ධුරයෙන් ඉවත් වීමට බලපා ඇත්තේ ආදි ශිෂ්‍ය සංගමයේ බලපෑමක් යයිද වාර්තා වෙයි.