ධම්මිකට කොරෝනා එන්නත විද්ද කතාවෙ සුලමුල මෙන්න.

Covid-19 Dhammika
By Thaya Feb 20, 2021 06:00 PM GMT
Thaya

Thaya

Report

මම කොරෝනා මර්දන එන්නත විද ගන්නා අවස්ථාවක් පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල යනවා. එය සම්පූර්ණයෙන්ම වැරදි ප‍්‍රවෘත්තියක්. මම විද ගත්ත එන්නතක් නෑ. එය මට කෙණෙහිලිකම් කරන අයගේ මඩ ගැසීමක් බව කියන්න කැමැතියි යැයි ‘ධම්මික පැණිය’ නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා ප්‍රකාශ කර සිටිනවා. “මගේ රූපය ගෙන තවත් කොටසකට බද්ධ කරලා මට බෙහෙත විදින බවට පෙන්නන ජායාරූපය හදලා” යැයි ඔහු ප්‍රකාශකර සිටියා.

” මෙය දෙස හොඳින් බලන අයකුට පෙනෙනවා බද්ධ කර තිබෙන ජායාරූපයක් බව. මම බෙහෙත් හදන්න පටන් ගත් දවසේ සිටම මට එරෙහිව ඔය මඩ ප‍්‍රචාර ගෙනියනවා. මා ඒ ගැන ඉතාමත් කනගාටු වෙනවා. මෙම බෙහෙත් නිෂ්පාදනය දිගටම කරගෙන යනවා. මේක නවත්වන්න ඔය කාටවත් බැහැ. දිනපතා විශාල පිරිසක් බෙහෙත ගැනීමට නිවසට පැමිණෙනවා. මේ විකෘති කළ ඡායාරූපය සම්බන්ධව නීති මගින් කටයුතූ කරන්න පුළුවන් ද කියා මම සොයා බලනවා” යැයි ද ඔහු පැවසීය. එමෙන්ම මෙම ඵන්නත ගැන තමාට විශ්වාසයක් නැති බවයි ඔහු වැඩිදුරටත් “දිවයින” පුවත්පත වාර්තා කර සිටින්නේ.