පරිස්සමෙන් සාස්තර කියන ගමන් සිදු කරන රන් මංකොල්ලය

Police
By Thaya Apr 02, 2021 08:23 PM GMT
Thaya

Thaya

Report

රන් මාළ කොල්ලකෑමේ නිරත වූ බව කියන කාන්තාවන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ වල ගමන් කරන අතර තුර සිගමන් යදින සහ ශාස්ත්‍ර කියන බව අගවමින් කොල්ලකෑම් සහ සොරකම් කරන කාන්තාවන් පිරිසක් සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස බුද්ධි අංශයට තොරතුරක් ලැබී තිබී ඇත තොරතුරකට අනුව මෙම කාන්තාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. මෙම කාන්තාවන් තිදෙනා පසුගිය 01 වැනිදා හලාවත සිට වාරියපොල දක්වා ධාවනය වන ලංගම බස් රථයකට හලාවත නගරයෙන් ගොඩවී ඇති අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ඔත්තුකරුවෙකුද ඔවුන් සමගින්ම එම බස් රථයට ගොඩවූ බවයි පොලිසිය පවසන්නේ.

බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් පැළද සිටි රන් දම්වැලක් ඇයට නොදැනෙන ලෙස සොරකම් කිරීමට සැකකාර කාන්තාවක් සමත්වී ඇති අතර කාන්තාවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇති බුද්ධි තොරතුරුකරු වහාම සිද්ධිය හලාවත කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට දැණුම් දීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 28,30 සහ 33 වියේ පසුවන පුත්තලම – වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් තිදෙනෙක් බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව ක්‍රියාත්මක වූ බුද්ධි අංශ නිලධාරීන් සැකකාර කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර,එක් කාන්තාවක් සතුව තිබී සොරකම් කරන ලද රන් දම්වැලද සොයා ගෙන ඇත