කොරෝනා නසන රිටිගල පැණිය දයාසිරි පවුලට දෙයි..

honey dayasiri Ritigala
By Thaya Jan 12, 2021 07:45 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වෛරසය මර්දනය සඳහා රිටිගල දේවේන්ද්‍ර මහතා විසින් නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ බිරිඳ ඇතුළු එම නිවසේ නිරෝදායනය වන පවුලේ සාමාජිකයන්ට ලබාදී තිබේ.

ආසාදිත දයාසිරි ජයසේකර මහතා මේ වනවිට හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක් වෙමින් සිටී.

දයාසිරි ජයසේකර මහතාට ද ඖෂධය ලබා දීමට සූදානම් බවත් ඒ සඳහා ඔහු කැමැත්ත දෙන්නේ නම් සිටිනා ස්ථානයකට පැමිණ එය ලබා දෙන බවක් දේවේන්ද‍්‍ර මහතා සඳහන් කළේය.