ගංවතුර අවදානමක් ගැන අනතුරු අඟවයි

Flood Sri lanka
By Sithumi May 13, 2021 12:21 PM GMT
Sithumi

Sithumi

Report

කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලමින් පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කුකුලේ ගඟ සහ කුඩා ගඟ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

ඊට අමතරව කළු ගඟ ද්‍රෝණියේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව සමග අද රාත්‍රියේ හෝ හෙට දිනයේදී බුලත්සිංහල, පාරින්ද නුවර, මිල්ලනිය, හොරණ, දොඩංගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහත් බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිiවීමේ අවදානමක් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now