තවත් වෛරසයක් පැතිරීමේ දැඩි අවධානමක්...වෛද්‍යවරුන් සීරුවෙන්.

Sri Lanka
By Thaya Jan 15, 2021 11:41 AM GMT
Thaya

Thaya

Report

වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

වෛරසය අනෙකුත් රටවල්වල ව්‍යාප්ත වෙමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානයද ඒ පිළිබඳව තොරතුරු දැනුම් දී ඇත්තේ.

මෙම දැනුම් දීමත් සමග මෙරට වසංගත රෝග විද්‍යා අංශය ‘නීපා’ වෛරසය මෙරටට පැමිණේවිදැයි නිරීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළා.

‘නීපා’ වෛරසය කොවිඩ් තරම් බරපතළ නොවුවත් ලොව රටවල්වල පුද්ගලයන් මෙම වෛරසය වැලඳීමෙන් මියගොස් ඇත.

2018 වර්ෂයේ ‘නීපා’ වෛරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙරටට පැමිණෙන සංචාරක පක්ෂින් මගින් මෙම වයිරසය ඇතුළු වීමේ අවදානමක් ද පවතී.

සාමාන්‍යයෙන් මෙරටට සංචාරක පක්ෂීන් පැමිණෙන්නේ වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදීය. පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරක පක්ෂීන් තවමත්, රටේ රැඳී සිටි මෙතෙක් කාලයක් එම පක්ෂීන්ගෙන් වයිරසය බෝවීමක් සිදුනොවූ බව පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි. එම පක්ෂීන් මාර්තු මාසයේදී මෙරටින් පිටව යන බවද ඔහු සඳහන් කළේය. සාමාන්‍යයෙන් සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන්නේ, ඉන්දියාව සයිබීරියානු ධ්‍රැව වෘත්තය සහ මොන්ගෝලීයාව ප්‍රදේශවල සිටයි.