අධික ලෙස ඉහළ ගිය වාහන මිල ලගදීම අඩුවෙයි?...ජනතාවට සුභ ආරංචියක්.

Vehicle
By Thaya Mar 10, 2021 07:18 PM GMT
Thaya

Thaya

Report

දැනට අත්හිටුවා ඇති වාහන ආනයනය නැවතත් නිශ්චිත කෝටාවක් යටතේ මෙරටට ගෙන්වීමට රජය සහ වාහන ආනයනකරුවන් එකඟතාවකට පැමිණ තිබේ. පසුගියදා ආනයනය ක්ෂේත්‍රයේ පිරිසක් සහ රජය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විදේශ විනිමය පාලනයකින් තොරව ගලා යාම පාලනය කරමින් වසරකට ආනයනය කළ හැකි විදේශ විනිමය සීමාවක් පැනවීමට නියමිතය. වාර්ෂිකව වාහන ආනයනය කල හැකි විදේශ විනිමය කෝටාවක් ආනයන කරුවන්ට ලබා දෙන අතර ඔවුනට වාහන ආනයනය කිරීමට ඉඩ ලැබෙන්නේ එම කෝටාවට පමණි. දැනට අධික ලෙස මිල ඉහළ ගොස් ඇති දේශීය වෙළඳපොලේ වාහන මිල පහත දැමීම මෙම එකඟතාවයේ ප්‍රධාන අරමුණ වී ඇත.