සුපිරි වෙළෙඳසැළක සහල් සොරකමක්
ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැළකට ඇතුළු වී රුපියල් 250,000 ක් වටිනා සහල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කරසිටි සැකකරුවෙකු පොලීසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
ගල්කිස්ස දුම්රිය ස්ථානය අසල දී පොලීසිය සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු ඊයේ (13) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සහල් සොරකම පිළිබඳව අනාවරණය වී තිබේ. ඉකුත් 11 වනදා ඔහු එම සොරකම සිදුකර ඇත. ඒ අනුව සැකකරු සතුව තිබූ තවත් සහල් කිලෝ 5 බැගින් වූ සහල් උර 5ක් සොයා ගැනුණි.
සැකකරු විසින් සොරකම් කරන ලද සහල් විකිණීම සඳහා ලබාදුන් වෙළෙඳසැල් 2ක තිබී තවත් සහල් උර 8ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 34,33 සහ 39 වයස්වල පසුවන්නන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |