සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..

price rice rises
By Thaya Jan 02, 2021 09:27 PM GMT
Thaya

Thaya

Report

මේ දිනවල වී මිල විශාල වශයෙන් ඉහල යාම නිසා සහල් මිල ද ඉහළ දැමීමට සිදුවී තිබෙන බවත් මරඳගහමුල සහල් වෙළෙඳ ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

අද වන විට සම්බා වී කිලෝවක් රුපියල් 82ක් දක්වා නාඩු වී කිලෝවක් රුපියල් 62 දක්වාත් මිල ඉහළ ගොස් ඇති නිසා සහල් මිල ද ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් කියා සිටිති.

අද වන විට මරදගහමුල සහල් වෙළඳපොලේ සම්බා කිලෝවක තොග මිල රුපියල් 130ක්ද නාඩු කිලෝවක තොග මිල 106 දක්වාද ඉහළ ගොස් තිබේ.

කෙසේ නමුත් ජනවාරි අග වන විට වී අස්වැන්න ලැබීමට නියමිත නිසා ඉන්පසු සහල් මිල අඩුවනු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙති.