අප්‍රෙල් පළමුවනදා සිට රජයේ මිලට සහල්….
Government
By Thaya
එලබෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු සුපිරි වෙළදසැල්, සතොස, සමුපකාර වෙළදසැල්වලට අප්‍රෙල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇත. ඒ අනුව නාඩු රුපියල් 97 ට, සුදු හා රතු කැකුලු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තිබේ. සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් අද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවිය. එහිදි අදාල මිල ගණන් යටතේ වි අලෙවි මණ්ඩලය හරහා ලබාදෙන සහල් අලෙවි කිරීමට ඔවුන් එකඟවුහ. මාස තුනකට අවශ්‍ය සහල් මෙම ආයතනවල ප්‍රාදේශිය වෙළදසැල් 4,000 ක ජාලය හරහා දිවයිනපුරා මිලට ගැනිමට ලබන පළමු වනදා සිට අවස්තාව හිමිෙවයි. සුජිත් විතානපතිරණමාධ්‍ය ලේකම්