මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත්, සහරාන්ගේ පන්තියට සහභාගි වූ තරුණියගෙන් හෙළිදරව්වක් !!!

Police
By Thaya Feb 22, 2021 07:17 PM GMT
Report

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම් විසින් පැවැත්වූ අන්තවාදී පන්තිවලට සහභාගි වූ මාවනැල්ලෙන් අත්අඩංගුවට ගත් 24 හැවිරිදි තරුණිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේදී හෙලිදරව්වක් සිදුකර තිබෙනවා. තමන් සමඟ කාන්තාවන් 15 දෙනෙකු එම පන්තියට සහභාගි වූ අතර, ඔවුන් සියලු දෙනාම මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ප්‍රතිඥාවක් ලබාදුන් බවයි ඇය එහිදී සඳහන් කර ඇත්තේ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් විසින් පැවැත් වූ ත්‍රස්ත පුහුණු දේශන සඳහා එක් වූ මෙම සැකකාර තරුණිය මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින්.

අත්අඩංගුවට ගත් තරුණියගේ පියා හා සහෝදරයන් දෙදෙනා ද පාස්කු ප්‍රහාරය හා මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ඊබ්‍රාහිම් ෂහීඩා නම් තරුණියක්. ඇගේ පියා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාර ගතව සිටින ඊබ්‍රහිම් මව්ලවි නැමැත්තායි. ඇගේ සොහොයුරන්වන මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල් හක් නැමැත්තන්ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්