ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන භාවිතා කරන පිරිස ගැන අනාවරණයක්.

Sri Lanka Phones
By Thaya Apr 01, 2021 04:31 AM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට අසූවක් (80%) ජංගම දුරකතන භාවිතා කරන බව FITIS ඩිජිටල් සේවා පරිච්ඡේදයේ සභාපති ජිෆ්රි සුල්ෆර් පැවසීය. ඔහු ඒ බව ප්‍රකාශ කළේ එළැ‍‍​ඹෙන අප්‍රේල් 06 වැනිදා පැවැත්වීමට නියමිත අන්තර්ජාල දිනය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනගහනයට වඩා වැඩි සංඛ්‍යාවක් එනම් මිලියන තිස් එකක් ජංගම දුරකතන සම්බන්ධතා ලබා ගෙන ඇති බවය. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය සියයට හැත්තෑවකින් (70%) ඉහළ ගොස් ඇති බවත් ජනගහනයෙන් සියයට අනූ දෙකට (92%) අන්තර්ජාල ආවරණයන් ඇති අතර මිලියන හතයි දශම නවයක (7.9) පිරිසක් ක්‍රියාකාරි සමාජ මාධ්‍ය භාවිතා කරන බවත් ඔහු කියයි.