රනිල්, මෛත්‍රී මෙරට මරමස්ථාන 12 කට ගහපු ගේමක් හෙළි වෙයි.

Ranil Wickremesinghe Maithripala Sirisena
By Thaya Feb 04, 2021 07:43 PM GMT
Report

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙරට ආර්ථික මර්මස්ථාන 12ක් ඉන්දියාවට විකිණීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබූ බව පෙරේදා (01 වැනිදා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනාවරණය වූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.

එල්.එන්.ජී මෙගාවොට් 300ක ගෑස් බලාගාරය, එල්.එන්.ජී.ටර්මිනල්,එල්.එන්.ජී.ගෑස් ලේන්, ගල් අඟුරු බලාගාරය, මත්තල ගුවන් තොටුපොළ ඇතුළු ආයතන 12ක් ඉන්දියාවට ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

එමෙන්ම හිටපු වරාය ඇමැති සාගල රත්නායක ඉන්දියාව සමග නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සම්බන්ධව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබූ බවත්, මෙරට මුදල් ආයෝජනය කර නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පවසයි.

?‍♂️ විශේෂ ප්‍රවෘත්ති ඇතුළු දවසේ වැදගත් තොරතුරු එසැනින් දැනගන්න.. අප හා එක්වන්න. :-