‘රේස් බයි රේස්’ සූදු පොලවල් නතර කිරීමේ යෝජනා සම්මත කෙරේ.

police casino
By Thaya Jan 12, 2021 11:36 PM GMT
Thaya

Thaya

Report

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

ඒ අනුව 2021 වසරේ සිට එම ආයතන වලින් බදු අය කිරීම නතර කිරීමටද එම යෝජනාවේ සඳහන් විය.

නගර සභාවට එම යෝජනාව ගැන ඉදිරිපත් කර ඇත්තේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල්ල ප‍්‍රනාන්දු මහතා විසිනි.

මෙම යෝජනාවට විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිවිය.