ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්

Blood
By Thaya Mar 20, 2021 12:06 PM GMT
Report

රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක්කර තිබේ. සෑම වසරකම අප්‍රේල් මාසය වනවිට රුධිර සංචිතවල අඩුවක් පෙන්නුම් කළ ද කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුළ ගැටලුකාරී තත්වයක් උද්ගත වී ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය. "රුධිර ඒකක 12,000ක වගේ මට්ටමක අපේ ආරක්ෂිත රුධිර සංචිත ප්‍රමාණය පහුගිය කාලයේ පවත්වාගෙන ගියා. නමුත් මේ වෙනකොට 8,000කට කිට්ටු මට්ටමකට පත්වෙලා තියෙනවා. කොවිඩ් නිසා මේ තත්ත්වය වඩා දරුණු වෙලා තියෙනවා. රුධිරය ඒකරාශී කරගැනීමේදී ඉතාම ආරක්ෂාකාරී පරිසරයක් තුළ තමයි ඒ කටයුතු සිදු කරන්නේ. ඒ නිසා රුධිරය පරිත්‍යාග කරන්න බය වෙන්න අවශ්‍ය නෑ."