රට යනවා කියලා ඔයාවත් රැවැට්ටුවාද - එහෙනම් මෙතෙන්ට ගිහින් විස්තරේ කියන්න
මේ වන විට ඉහළ මුදලකට විදෙස්ගත රැකියා ලබාදෙන බවට විවිධ වංචනික පිරිස් ජනතාවගෙන් මුදල් ගසා කෑමේ ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.
එම නිසා වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබාදෙන ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව, 0112 882 228 යන දුරකථන අංකය ඔස්සේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාපිත පොලිස් ඒකකයට තොරතුරු ලබාදිය හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
මේ වන විටත් එම පොලිස් ඒකකයට විදේශ රැකියා වංචනිකයන් පිළිබඳ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇති බවද සඳහන්.
ඩුබායි හි රැකියා ලබා දෙන බව පවසා, කිරිබත්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 08 ක මුදලක් ලබාගත් කාන්තාවක් සහ කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයකදී නීති විරෝධී ලෙස විදෙස් රැකියා සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් මෙහෙය වූ පුද්ගලයෙකු ද ගත වූ දින 02 තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.