විදුලි ගාස්තු සංශෝධනයේ තීරණය හෙට
මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන අවසන් කාර්තුව සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීමක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සැප්තැම්බර් මස 18 වැනිදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කෙරුණු අතර, එහි අවසන් අදහස් විමසීම පසුගිය 8 වැනිදා බස්නාහිර පළාතේදී සිදු කෙරුණි.
එහිදී ඉදිරිපත් වූ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් හෙට [14 වැනිදා] මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා පැවැති සැසිවාරවලදී පුද්ගලයන් 500 දෙනකු පමණ අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබේ.
මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නිවැරැදිව සිදු නොවුණහොත් ඉදිරියටත් විදුලි බිල වැඩිවීම නතර කළ නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පැවැසුවේය.
මේ අතර විදුලිබල මණ්ඩලය කොටස් කිරීම මගින් දැනට ලක්ෂ 15 ක්ව පවතින අධ්යක්ෂ මණ්ඩල ගාස්තුව රුපියල් කෝටියකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ යන බව විදුලිය පාවිච්ච් කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.