තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණියගෙන් ක්‍රිකට් පිටියේදී වාර්තාවක්.
Tillakaratne Dilshan
By Thaya
ලිමන්සා තිලකරත්න, ඇය ප්‍රමියර් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්විය. ලිමන්සා 6 වසරේ ඉගෙනුම ලබන ක්‍රීඩිකාවකි. ඇය නියෝජනය කරනු ලබන්නේ, මෙල්බන් ක්‍රිකට් සමාජයයි. ලිමන්සා පසුගියදා සහභාගි වූ පළමු ප්‍රමියර් තරගයේ පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි.
ලිමන්සා තිලකරත්න මෙරටින් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ ආදරණීය දියණියයි. මෙරට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ මංජුලා තිලිණි ලිමන්සාගේ ආදරණීය මව වේ. ඔවුන් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)