අධික තරබාරු අයට කොරෝනා වලින් රතු එළියක්.

Covid-19
By Thaya Mar 05, 2021 07:40 PM GMT
Report

තරබාරු ජනගහනය අධික රටවල කොවිඩ් මරණ සිදුවන අනුපාතය ඉහළ බව අධ්‍යනයකින් හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු ජෝන් හොප්කින්ස් සරසවිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඇසුරින් කළ අධ්‍යනයකදී මේ බව හෙළි වූ බව වාර්තා වේ. ඊට අනුව වැඩිහිටි ජනගහණයෙන් අඩකට වඩා පිරිසක් ස්ථුලතාවයෙන් පෙළේ නම් එම රටවල කොවිඩ් මරණ අනුපාතය දසගුණයකින් ඉහළ බවත් මෙතෙක් ලොවපුරා සිදුව ඇති කොවිඩ් මරණ ලක්ෂ 25 අතුරින් 90%ක් ම වාර්තා වී ඇත්තේ ස්ථුලතාව අධික රටවලින් බවත් එම වාර්තා වලින් හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි