ලෝක ප්‍රබලයන් සිව් දෙනෙකුගෙන් එක් රටකට රතු එළියක්.. 3 වැනි ලෝක යුද්ධයක ඇරඹුමක්?..
World war
By Thaya
හොංකොං විපක්ෂ ක්‍රියාකාරිකයන් 55 දෙනෙකු පමණ හදිසියේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව චීනයට සිය විරෝධය පළකරමින් ඇමරිකා එක්සත් ජනපදය , බ්‍රිතාන්‍යය ,කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ සෙසු රටවල් තුනෙහි විදේශ අමාත්‍යවරුන් විසින් මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.
පසුගිය වසරේ විරෝධතාවන්හි නිරත වූ විපක්ෂ ක්‍රියාකාරිකයන් 55 ,දෙනෙකු පමණ අලුතින් හදුන්වා දුන් ජාතික ආරක්ෂක නීතිය යටතේ මෙලෙස අත්අඩංගුවට ගත් අතර පසුව ඉන් පිරිසක් රදවාගෙන සෙසු අය මුදා හැර තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම හොංකොං වැසියන් වසර ගණනාවක් පුරා භුක්ති විදි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් මෙවැනි ක්‍රියාවලින් වැළකීමට චීනය කටයුතු කළ යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.