වත්තල සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමේ ඇත්තම කතාව එළියට සිද්ධියට අදාළ දර්ශන සහිතයි

Police
By Thaya Feb 26, 2021 05:54 PM GMT
Thaya

Thaya

Report

වත්තල නගරයේ සිදු වූ වෙඩි තැබීම ඒ අසල සිටි පුද්ගලයෙන් දැක තිබෙනව. එම ඇසින් දුටු පුද්ගලයා මාධ්‍ය වෙත මෙලෙස සිදුවීම පැහැදිලි කළා.

එමෙන්ම නේවි රුවන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වත්තල නගරයේදී මෝටර් රථයකින් පලාගොස් තිබෙනවා.මොවුන් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පසුව ඔහුගේ මෝටර් රථය පෑලියගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත්තා.

මෙම නේවි රුවන් නැමැති තැනැත්තා වත්තලට පැමිණ ඇත්තේ ඔහුගේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් හමුවිමටයි ඔහු පැමිණ ඇත්තේ ඔහුගේ තවත් සමිපතයෙකු සමගයි.එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළා. එහිදී, සැකකරුවන් පලාගොස් තිබූ අතර, වෙඩි තැබීමක් ද සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙලෙස 31 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි රුවන් චින්තක නොහොත් හරක් කටා සහ 24 හැවිරිදි තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙලෙස හඳුනා ගත් බවයි. රුවන් චින්තක නොහොත් හරක් කටා මියගිය පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන පෙලේ ගෝලයෙක්. ඔහු මේ වනවිට විදේශ ගතව සිටිනවා.

අද උදෑසන හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් වෑන් රථය ඉමදූව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ගැලනිගම පිටවුමෙන් හොරණට පැමිණ තිබුණා. එහි තිබී හෙරොයින් කිලෝ 45 යි ග්‍රෑම් 376 ක් සොයා ගත් අතර, සිද්ධියට අදාළ වෑන් රථය යුද හමුදාව කුලී පදනම ලබා ගත් වෑන් රථයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දඹුල්ල යුද හමුදා කඳවුරට අනුයුක්තව ලාන්ස් ක්‍රෝපල්වරයෙකු දින 7ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දුන්නා