කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම්.... පසුගියදා මාතෘකාවක් වූ මුස්ලිම් දේශපාලඥයෙක් පොරොන්දු දෙයි

Government
By Thaya Feb 14, 2021 04:40 PM GMT
Report

කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කර ඇත.

ආණ්ඩුවේ ප්‍රබල නායකයෙකු හමු වීමෙන් පසු ඔහු මේ බව දැනුම් දී තිබේ.

මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇත.