වොල්බැකීයා බැක්ටීරියාව පරිසරයට මුදා හැරීම නැවතත්

Bacteria
By Thaya Feb 11, 2021 02:32 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් තාවකාලික නවතා දමා තිබූ ලෝක මදුරු මර්දන වැඩසටහනේ ක්ෂේත්‍ර කටයුතු නැවතත් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් වොල්බැකීයා බැක්ටීරියාව අන්තර්ගත මදුරුවන් පරිසරයට මුදා හැරීමේ වැඩපිළිවෙල නැවත ආරම්භ කෙරෙනු ඇති. ඩෙංගු රෝගය පිටු දැකීමේ අරමුණින් කොළඹ මහනගර සභා සහ නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශවල නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.