කළුගඟේ වැලි කැණීම් බලපත් යළි නිකුත් කිරීමට ....

Issurance
By Thaya Feb 04, 2021 07:47 PM GMT
Thaya

Thaya

Report

කළුගඟ වැලි ගොඩ දැමීම නිසා ගංගා මෝයේ සිට නාර්තුපාන දක්වා කිලෝමීටර් 14ක ප්‍රදේශයක වැලි කැණීම් තහනම් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් විසින් පියවර ගෙන තිබිනි. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදායින් පසු අදාල ප්‍ර දේශය තුළ වැලි කැනිම සඳහා ලබා දී තිබු කැණීම් බලපත් 246ක කාලය දීර්ඝ කිරීම අත්හිටුවනු ලැබ තිබිනි.

ඊට හේතුව නම් වැසි අඩු කාලවල මුහුදු ජලය කළුගඟ ඔස්සේ ඉහළට ගමන් කිරීම නිසා කළුතර ප්‍රදේශයේ ජනතාවට පානීය ජල ගැටළුවකට මුහුණ පෑමට සිදුවීමයි. 2019 වසරේ දී දින ගණනාවක් කළුතර ජනතාවට පානීය ජලය ලබා දීම මේ නිසා අත්හිටුවනු ලැබීය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කරන ලද විමර්ශණයකට අනුව එකී 1 ප්‍රදේශය තුළ කළුගඟේ ගැඹුර මීටර් 12-14 දක්වා විවිධ ස්ථාන අසරණභාවයට පත් වී සිටින නිසා කිසියම් සහනශීලි විසඳුමක් ලබා දෙන ලෙස එම පවුල්වල පිරිස් ඉල්ලීමක් කර තිබිනි.

ඒ අනුව ඒ සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ (03) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම අවස්ථාවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වරාය සංවර්ධන අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ යන මහත්වරු මෙන්ම ජලසම්පාදන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය හා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් ද එම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

එහිදී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ සෑම කාරණකටම වඩා කුසගින්න ප්‍රබල බැවින් මොවුන්ට සහන කාලයක් ලබා දෙන ලෙසයි. මෙම කර්මාන්තයේ යෙදී සිටින බලපත් ලාභීන් 246 දෙනා මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ දහස් ගණනකට ඉදිරි කාලය තුළ විශාල පානීය ජල ගැටළුවකට මුහුණ දීමටත් සිදුවන බැවින් එකී සියලු කරුණු සළකා බලා විසඳුමක් ලබා දිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව කොන්දේසි කිහිපයක් මත නැවතත් වැලි කැණීම් බලපත් ලබා දීමට එකගතාවය පළ කරනු ලැබීය.

ඇතැම් පවුල්වලට වැලි කැණීම් බලපත් 04-05ක් වැනි ප්‍රමාණයක් නිකුත් කර ඇති නිසා එක් පවුළකට අවසර ලබා දෙන්නේ එක් වැලි බලපත්‍රයකට පමණි. මෙම බලපත් නිකුත් කිරීමෙන් පසුව මාස තුනක් ගත වු පසු නැවත වැලිසමීක්ෂණයක් හා කළුගඟේ විද්යුත් සමීක්ෂණයක් සිදු කිරීම. එහිදී කරදිය ගංගා ජලයට මිශ්‍ර වන බව තහවුරු වුවහොත් වැලි කැණීම් නැවතත් තහනම් කෙරෙනු ඇත. එක් පවුළකට සතියකට දින 04ක් පමණක් වැලි කැණීමට අවස්ථාව හිමි වන අතර දිනකට එක් අයෙකුට ගොඩ දැමිය හැක්කේ වැලි කියුබ් 03ක් පමණි.

වැලි කැණීම් බලපත් නිකුත් කළ පසු ඔවුන්ගෙන් විවිධ කරුණු සඳහා අය කෙරෙන බදු මුදල් හැකිතාක් අවම කිරීමට ජනාධිපති කාර්යසාධන බලකායට යෝජනා කර ඇති බැවින් එමගින් ද වැලි කැනීමේ යෙදෙන පුද්ගලයින්ට සහනයක් ලබා දීම.

මෙම වැලි කැනීම් කටයුතු නිරන්තරයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කළුතර පොලිසිය විසින් අධීක්ෂණය කිරීම. නීතිවිරෝධී අයුරින් වැලි කැණීම් සිදු කරන්නේ නම් එම පුද්ගලයින්ට නිකුත් කරන වැලි කැණීම් බලපත්‍ර වහාම අහෝසි කිරිමට පියවර ගැනීම වගකීමක් සහිතව මෙම කටයුතු වල නිරත වන්නැයි වැලි කැනීම් වල යෙදෙන පුද්ගලයින්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළ අතර ඔවුන් කැමති නම් තාක්ෂණික සේවා සමාගම යටතේ පහසුවෙන් වැලි ගොඩදැමීම සඳහා පවතින රැකියා අවස්ථාවන් මනම්පිටියෙන් ලබා දීමටත් එමගින් වැලි කියුබ් එකකට රුපියල් 2500ක් වැනි මුදලක් උපයා ගැනීමටත් හැකියාව පවතින බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.