රවුෆ් හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිත මන්ත්‍රී ලැයිස්තුව මෙන්න..ආණ්ඩුවෙත් ප්‍රභලයින් ඒ අතර.

hakeem
By Thaya Jan 12, 2021 11:35 PM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන උපයෝගී කරගෙන හදුනාගෙන ඇති එම පිරිස මෙසේය.

ගයන්ත කරුණාතිලක තලතා අතුකෝරල එම්.ඒ. සුමන්තිරන් ශානක්‍ය රාසමාණික්‍යම් ලක්‍ෂමන් කිරිඇල්ල අශෝක අබේසිංහ එම්. රාධක‍්‍රිෂ්ණන් තිස්ස අත්තනායක කෙහෙලිය රඹුක්වැල්ල ජනක බණ්ඩාර තෙන්නකෝන් කේ.එම්. නන්දසේන

පසුගිය සිකුරාදා දිනයේ හකීම් මහතාගේ නිවසට ගොස් ඇති මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ආශ‍්‍රීතයන් ලෙස හදුනාගෙන ඇත.

ෆයිසාල් කාසිම් එම්.එම්. හරීස් එම්.එස්. තවුෆීක් නසීර් අහමඩ්

මීට අමතරව පාර්ලිමේන්තුවේ සියළු කාර්ය මණ්ඩලවලට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.