පෘථිවියේ දුර්ලභ දසුනක් උඩු ගුවනේදී කැමරාවේ සටහන් වෙයි. - පෘථිවිය සූර්යයා වටා යන හැටි දැකලා නෑ නේද මීට කලින්. - (VIDEO)

NASA Technology
By Wayomi Feb 02, 2025 07:11 AM GMT
Wayomi

Wayomi

Report

“බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය විසින් පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ඉතා දුර්ලභ දර්ශනයක් ලබාගෙන තිබෙනවා.

Blue Ghost යානය SpaceX Falcon 9 රොකට්ටුවක් මගින් අභ්‍යවකාශ ගත වූ අතර ජනවාරි 15 වන දින සිට පෘථිවිය වටා කක්ෂගත කර ඇත.

මෙම අභ්‍යවකාශ යානය සතියකින් පමණ පෘථිවි කක්ෂයෙන් ඉවත් වී සඳට දින හතරක ගමනක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.

මේ අතර “බ්ලූ ගෝස්ට් මූන් ලෑන්ඩර්” යානය පෘථිවිය වටා අභ්‍යවකාශ යානයේ කක්ෂයෙන් චන්ද්‍රයාගේ පළමු ඡායාරූප පෙළ ලබාගෙන ඇති බව ටෙක්සාස්හි ෆයර්ෆ්ලයි ඒරොස්පේස් සමාගම නිවේදනය කර තිබෙනවා.

මූන් ලෑන්ඩර් යානය මාර්තු 2 වන දින සද මත ගොඩබෑමට අපේක්ෂිත බවත්, Blue Ghost යානය සඳ මතුපිට ගොඩබැසීමට උත්සාහ කිරීමට පෙර දින 16 ක් පෘථිවිය වටා කක්ෂගත වනු ඇති බවත් එම සමාගම සඳහන් කරනවා.

Blue Ghost යානය සඳ මතුපිට ගොඩබැසීමට උත්සාහ කිරීමට පෙර දින 16 ක් පෘථිවිය වටා කක්ෂගත වනු ඇත.

එමෙන්ම මේ දක්වා, යානයේ ඇති සියලුම NASA තාක්ෂණය “සෞඛ්‍ය සම්පන්න” වන අතර අපේක්ෂා කළ පරිදි ක්‍රියාත්මක වන බව NASA Artemis බ්ලොග් අඩවිය ද නිවේදනය කර තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.




You may like this video

 

ReeCha