බස්නාහිරින් පිට කොරෝනා සීඝ‍්‍ර ව්‍යාප්තියක්.. රෝහල් ඉඩකඩ දැඩි අර්බුදයක්..
Corona
By Thaya
බස්නාහිරින් පිට අනෙකුත් දිස්ත්‍රික්වල කොරෝනා ආසාදිතයන් සීග්‍ර වර්ධනයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. බදුල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑලිය දිස්ත‍්‍රික්කවල ආසාදිතයන් වාර්තා වෙමින් ඇතැයි සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. බස්නාහිර පළාතෙන් හමු වන ආසාදිතයන් ගණන 50%කට වඩා අඩු ප්‍රමාණයක් දක්වා පහත බැස ඇතැයි ද ඔහු සඳහන් කරයි.
මේ හේතුව මත සමස්තයක් ලෙස මුළු රටේම කොරෝනා පාලනය සම්බන්ධයෙන් බලධාරීන් දැඩි පියවර ගත යුතු බවද හෙතෙම කියා සිටියේය. කොරෝනා ආසාදිතයන් ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමග රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවන තත්වයක් මතු වී ඇති බවත් එය අවම කර ගැනීමට නම් එන්නත්කරණය කාර්යක්ශම යුතු බව ඔහු පෙන්වා දෙයි.