රංජන් ගේ ජීවිතය බරපතල අවදානමක – වගකීම රජය භාර ගත යුතුයි
අගුණකොළපැළැස්ස බන්ධනාගාරය තුළදී රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහි වගකීම රජය භාර ගත යුතු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ. සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ අගුණකොළපැළැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ස නායකවරයා සඳහන් කලේ රංජන් රාමනායක මහතා වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීමට පියවර ගත යුතු බවයි.අගුණකොළපැළැස්ස බන්ධනාගාරය තුළදී රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ජීවිතය බරපතල අවදානමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එහි වගකීම රජය භාර ගත යුතු බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ. සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ අගුණකොළපැළැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ස නායකවරයා සඳහන් කලේ රංජන් රාමනායක මහතා වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීමට පියවර ගත යුතු බවයි.