වැසිකිලි යන්න පුටුවක් ඉල්ලා රන්ජන් හිරගෙදර උපවාසයක..

Ranjan Ramanayake
By Thaya Mar 13, 2021 07:08 PM GMT
Thaya

Thaya

Report

බරපතළ වැඩ ඇතිව වසර 4 ක සිරදඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන් රැඳී සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ වැසිකිළි යාම සඳහා ඔහුට පහසු පුටුවක් ලබාදෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම හේතුවෙනි. කලක සිට දණහිසේ අපහසුතා පැවතීම නිසා සාමාන්‍ය වැසිකිළියට යාම අපහසු වීම හේතුවෙන් පුටුවක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා තිබේ. එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට බලධාරීන් කටයුතු නොකිරීම මත රාමනායක මන්ත්‍රීවරයා ආහාර වර්ජනයක යෙදී ඇතැයිද වාර්තා වේ.