එක් ප්‍රදේශයක කල අහඹු පරීක්‍ෂාවෙන් ආසාදිතයන් පිරිසක් හමුවේ.
Covid-19
Infections
By Thaya
හැටන් ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බවට අද (15) තහවුරු වීමෙන් අනතුරුව එම සිසුවාගේ ආශ්‍රිතයින් 53 දෙනෙක් සහ ගුරුවරුන් පිරිසක් නිරෝධායනය යොමුකර තිබේ.
කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙක් ලෙස හඳුනාගත් මෙම සිසුවා මේ මස 07 සහ 08 දිනවල පාසලට ගොස් ඇති බව වාර්තාවීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
ඒ බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා තහවුරු කළේය.
එම සිසුවාගේ පියාටද මීට පෙර වෛරසය ආසාදනය වී ඇති වන අතර, ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි අයෙක් බව හඳුනාගෙන ඇත.
ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමුකර පසුව සිදුකළ පී.සී.ආර් පරික්ෂණ වාර්තාව අනුව එම සිසුවාට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු තිබේ.