"බුදු හාමුදුරුවෝ අපිත් දකින්ඇති" දසදහස් ගණනක් බොදු ගී ලියූ සම්මානනීය ගේය පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ නිසල දේහය අද වැල්ලවත්තේ ශ්‍රී සුධර්මාරාම විහාරයට
ශ්‍රී ලාංකීය බොදු ගී ඇතුළු අර්ථාන්විත ගීත රැසකින් ශ්‍රී ලාංකේය කලාකෙත පෝෂණය කළ ප්‍රවීන ගේය පද රචක අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ශ්‍රී දේහය අද (19) දහවල් උන්වහන්සේ විහාරාධිපතිව වැඩ වෙසෙන වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ.
සම්මානනීය ගේය පද රචක, පූජ්‍යපාද රඹුකන ශ්‍රී සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ ඊයේ දින අපවත් වූ අතර, අපවත් වනවිට 76වැනි වියේ පසුවූහ. මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයට අයිති රඹුකන ගමෙහි අදින් දශක හතකට පෙර වෙසක් පුන් පොහෝ දිනක උපන් සෝබනහාමි ලියනගේ සහ ලියනගේ සයිමන් යුවළට දාව, සහෝදර සහෝදරියන් සය දෙනෙකුට වැඩිමහල්ව උපන් උන්වහන්සේ ගිහිකළ ආනන්ද ලියනගේ නම්විය .
කුඩා කල සිටම බුදු දහමට සහ ශාසනයට තිබූ ලැදියාව මත 1963 ජූලි 22 වැලිව ගංගාතිලක විහාරස්ථානයේ දී "රඹුකන සිද්ධාර්ථ" යන නමින් පැවිදි බිමට අවතීර්ණ වී තිබේ
ගාල්ල හෙට්ටචල පිරිවනෙන් සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනින් අධ්‍යාපනය ලද එහිමියෝ අනතුරුව කැළණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂ උපාධියක් ලබා 1972 වසරේ මහනුවර මල්වතු විහාර උපෝසථාගාරයේදී උපසම්පදා වූ සේක.
ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ ඉංග්‍රීසි හා ජන සන්නිවේදන අධ්‍යන අංශය භාර ලේඛනාධිකාරි හිමියන් ලෙසින් කටයුතු කළ එහිමියෝ, සිය ධර්ම ප්‍රචාර කටයුත්ත සඳහා ගීතය මාධ්‍ය කොට ගනිමින් හෙළ ගී කලාවේ කහ එළිය සම්භාවනාවට පාත්‍ර වුණි 1976 වසරේ ආචාර්ය දයාරත්න රණතුංගයන් වෙනුවෙන් ලියූ "කල්ප කාල ගත වන තුරු ගීතය උන්වහන්සේ විසින් විරචිත පළමු ගුවන්විදුලි සරල ගීතය විය රඹුකන හිමියන් 1986 සිය "සංසාරේ අපි" නම් පළමු ගී සංග්‍රහය ප්‍රකාශනයට පත් කරන ලද සේක.
ගුණදාස කපුගේ
පිහිටක් නැති සරණක් නැති
සද්ධර්ම මකරන්ද
වික්ටර් රත්නායක
බුදු හාමුදුරුවෝ අපිත් දකින්ඇති
කඳුළු පැන් කෙණ්ඩියේ
කාසි වලට ගන්නත් බෑ
මාලනී බුලත්සිංහල
හිමි සනරාමර
සෙනෙහස පුදා
පිපෙනා මලකට
බුදු බණ ඇසුවා නිරන්තරේ
එඩ්වඩ් ජයකොඩිසහ චරිතා ප්‍රියදර්ශනී
පන්සලේ පල්ලියේ
මේ ඉර හඳ යට හමු වී
මේ ප්‍රේම කතා නවතා
බණ කියන රටක්
නුඹට හිතැති නුඹ හිතනැති
ඒ වගේම ජපානය, කොරියාව සහ බුරුමය වැනි විදෙස් රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා වැඩම කර ඇති හිමිපාණෝ "සඳකඩපහණ" චිත්‍රපටය වෙනුවෙන් ලියූ "පෙර සංසාරේ." ගීතය සරසවිය සම්මානයෙන් ද, මෑතකදී තිරගත වූ චත්‍ර වීරමන්ගේ "අලෝකෝ උදපාදී" සඳහා විරචිත විශාරද සමන්ත පෙරේරා ගයන "සැඩ පහරක් සේ එකමුතු වූ දා" ගීත සම්මානවලින් පවා පිදුම් ලැබීය
වර්ෂ 1987 දී "සංසාරේ අපි" කැසට් පටය නිකුත් කරමින් ඇරඹෙන රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ ගීතාවලෝකනයේ "ගම්මානේ අපි", "සමනල කන්ද", "සංසාරේ ගී යාතිකා", "බුදු අමා වැස්ස" හා "සංසාර චාරිකා" යන කැසට් පට සහ සංයුක්ත තැටිත්, "සසර දනව්ව" වැනි සම්මානනීය ගේය පද සංග්‍රහත් අදටත් පුද්ගලයන්ගේ ආදරයට පාත්‍ර වූ ගීත වේ.
කෙසේ වුවත් උන්වහසේගේ අපවත්වීම ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට මකාලිය නොහැකි පාඩුවක් වනු ඇත.
උන්වහන්සේගේ අවසන් කටයුතු පිළිබඳ වැඩි විස්තර පසුව ගෙන එන අතර, උන්වහන්සේට නිවනේ දොරටු වැඩි ඈතක නොවේවායි ප්‍රාර්ථනා කරමි