ගැමි තරුණියන් රවටා නගරයට ගෙන්නාගෙන සිදු කරන ජාවාරමක් හෙළි වේ

Cheating
By Thaya Apr 05, 2021 07:31 PM GMT
Thaya

Thaya

Report

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා සම්භාහන මධ්‍යස්ථානවල තෙරපිවරියන් ලෙස පුහුණුවීමට යැයි කියා ලාබාල තරුණියන් නගරබදට ගෙන්වා ඔවුන් ගණිකා වෘත්තියට යොදවන සංවිධානාත්මක කල්ලියක් විසින් මීගමුවේ මෙහෙය වූ සුපිරි ගණිකා මධ්‍යස්ථාන දහයක සිටි තරුණියන් 24 ක් අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය සමත් වී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ මෙහෙයවීම මත මීගමුව අපරාධ කොට්ඨාශය සහ මීගමුව පොලිසිය විසින් මෙම වැටලීම් මෙහෙයවා ඇති බවයි සඳහන් වන්නේ. ආයුර්වේද සම්භාහන ආයතන මුවාවෙන් මීගමුව වැල්ලවීදිය, කුඩාපාඩුව, පෙරියමුල්ල, බාල්දිහන්දිය, ඇලපාර යන ප්‍රදේශවල මෙම සුපිරි ගණිකා නිවාස පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙම මධ්‍යස්ථාන වල කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකු නොසිටි අතර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇති බවත් සඳහන්.

මෙහිදී අත්අඩංගුවට ගත් තරුණියන් අවුරුදු 20-28 අතර වයස්වල පසුවෙන අය බවයි පැවසෙන්නේ. ඔවුන් තිස්සමහාරාමය, අනුරාධපුරය, පොලොන්නරුව, නිකවැරටිය, උඩුදුම්බර, ගලෙන්බිඳුනුවැව, තඹුත්තේගම ආදී ඈත පිටිසර ගම්මාන වලින් තෙරපිවරියන් ලෙස සේවයට පැමිණි බවත් පුවත්පත්වල පළ වූ දැන්වීම් අනුව දහසින් බැඳි පියළි සොයා ඔවුන් පැමිණි බවත් ඔවුන් සම්භාහනය සම්බන්ධයෙන් කිසිත් නොදන්නා බවත් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් කොටසක් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය හමුවට පැමිණ වූ අතර ඔවුන් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනාවන්ට වරද පිළිගත් අතර ඔවුනට රුපියල් 5000 බැගින් දඩ නියම කර තිබෙනවා. අනිකුත් තරුණියන් මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තරුණියන් රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කර ඇති බවත් සඳහන්. මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනට වෙන් වෙන්ව නඩු පැවරීමට මීගමුව පොලිසිය කටයුතු යොදා තිබෙනවා