කාලි අම්මව විවේචනය කළ අයට දඬුවම් අනිවාර්යයි... ලංකාවේ ප්‍රධාන කාලි කොවිලයක භාරකරු කියයි

kali
By Thaya Dec 27, 2020 07:08 PM GMT
Thaya

Thaya

Report

කාලි මෑණියන්ගේ වරමෙන් ප‍්‍රතිකාර කිරීම සත්‍යයක් බවත් එම වරම හැමෝටම ලැබෙන දෙයක් නොවන බවත් හලාවත මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන පූජක කාලිමුත්තු ශිව පාරසුන්දරම් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ කාලි මෑණියන්ගේ වරම් සියළු දෙනාටම ලැබෙන්නේ නැති බවත් එය සත්‍යයක් බවත් ආවේශය ද සත්‍ය වශයෙන්ම සිදුවන දෙයක් බවය.

කාලි මෑණියන් ඉතාමත් ප්‍රබල හා දරුණු බවත් අපහාස කල සියල්ලන්ටම වැඩ වරදිනු ඇති බවත් දරුණු ප්‍රතිඵල ගෙන ඇති බවත් ඔහු පවසයි.

හිටපු ඇමති මර්වින් සිල්වාටද කාලි මෑණියන් විසින් දඬුවම් දී ඇති බවත් අද ඇවිද ඇවිද ඉන්න වී තිබෙන්නේ ඒ නිසා බවත් තාම දඬුවම් දෙන්න පටන් ගත්තෙ නැති බවත් ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

කෙසේ වෙතත් පසුගියදා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර මහතා කොරෝනා රෝගය සම්බන්ධයෙන් දේශීය ඖෂධ වට්ටෝරුවක් සොයාගෙන තිබුනා. එය ඔහුගේ සිහිනයට කාලි මෑණියන් පැමිණ කියූ ඖෂධ වට්ටෝරුවක් බවයි ඒ මහතා කියා සිටියේ.

එය සමාජ මාධ්‍ය මෙන්ම විවිධ පිරිස් විවේචනය කර තිබුනා.

ReeCha