විපක්ෂ නායකගේ කනට ගැසූ මන්ත්‍රීට දුන්න දඩුවම මෙන්න.

Parliament
By Thaya Jan 25, 2021 07:17 PM GMT
Thaya

Thaya

Report

මිහින්තලේ ප්‍රාදේශීය සභා සැසිවාරය පැවැති අතරතුර කලහාකාරී ලෙස හැසිරෙමින් එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ නියෝග කළේය.

ඒ විපක්ෂ නායකවරයාට පහර දුන් බවට තමන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනාවට තමන් නිවැරැදිකරු බව සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවය.

ජූනි මස 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාර මන්ත්‍රීවරයාට තවදුරත් නියෝග කරනු ලැබීය. මෙසේ ඇප මත මුදා හැරියේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඉන්දක රුක්මන් යන අයයි.

පසුගිය 19 වැනිදා පැවැති මිහින්තලේ ප්‍රාදේශීය සභා සැසිවාරය අතරතුර සැකකාර මන්ත්‍රීවරයා කලහාකාරී ලෙස හැසිරෙමින් එම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එම්. බදූර් යන අයගේ කනට පහර දුන් බවට චෝදනා එල්ල වී තිබේ.