පළාත් මැතිවරණය මෙම වසරේ මැද භාගයේදී ?? අනිද්දා විශේෂ සාකච්ඡාවක්

Election
By Thaya Mar 01, 2021 06:07 PM GMT
Report

පළාත් සභා මැතිවරණය මෙම වසරේ මැද භාගයේදී පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අනිද්දා දිනයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. පළාත් සභා විෂයට සම්බන්ධ පාර්ශව මෙන්ම සෞඛ්‍ය අංශද ඊට සහභාගීවීමට නියමිතයි. පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට නම් ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුව තුළදී සම්මත කරගත යුතු වනවා. නොඑසේනම් නව සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව සම්මත වුවහොත් කේවළ – සමානුපාත මිශ්‍ර ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත්විය හැකියි. පළාත් සභා මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්වීම රජයේ අරමුණ බවයි උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන එස් එම් රංජිත් මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ.