දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට දේශීය සමාගමකට ලබාදෙන්න
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ යෝජිත දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය චීන සමාගමකට දීමට යෝජනා කරමින් සිටින බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියරින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි. මෙම ව්‍යාපෘතියේ මුළු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 22 කට ආසන්න වන අතර ව්‍යාපෘතියේ වගකීම් කාල සීමාව වසර 8කි.මෙම ආයෝජනයට සාපේක්ෂව දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සදහා දිනකට යන වියදම අවම වශයෙන් රුපියල් මිලියන 1.2 කට වඩා වැඩිවෙයි.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත්, දුම්රිය ධාවනය වූවත් නැතත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ආයෝජනය සාධාරණීය කිරීම සඳහා දිනකට රුපියල් මිලියන 1.2 කට වඩා වෙන් කළ යුතුය.
මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මේ වන විටත් ඉතා සහනදායී විසදුමක් ලබා දී තිබේ. ඒ වාද නොසලකා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ චීන සමාගමේ ලංකාවේ නියෝජිතයායි කියා ගන්නා softlogic නම් වූ පුද්ගලික සමාගම මෙම ව්‍යාපෘතිය තම දේශපාලන හයිය යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැරසන බවද ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි.. මෙයට සම්බන්ධ වී ඇති චීන සමාගමට ලංකාවේ ව්‍යාපෘති කරායැයිද කියා කිසිදු අත්දැකීම් ද නැති ආයතනයකි.මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත්තේ මෙයට සුදුසු දේශීය සමාගමක් හවුල් කර ගෙන කිරීම සඳහාය.චීන සමාගමේ අභිමතය මත ඔවුන් softlogic ආයතනය තෝරා ගෙන ඇත.ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ මෙය උපකොන්ත්‍රාත් කරුවන් බදවා ගැනීමේ ක්‍රියාවලියට යටත්ය. මෙය Principle Bidder ගේ Bid Proposal එකේ සදහන් නොවන නිසා Principle Bidder ට උප කොන්ත්‍රාත් කරුවකු වෙනස් කිරීම සඳහා බලය ඇත.
වර්තමාන ප්‍රවාහන ඇමැති තුමා, ජනාධිපති තුමා ඇතුළු සියලු දෙනා ගේ රජයක් වශයෙන් ඉල්ලා සිටින්නේ මෙහි දේශීය නියෝජිත වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පත් කර ස්ථිරසාර විසඳුමක් ලබා දෙන ලෙසයි. එයින් විදේශ විනිමය පාලනයක් වන නිසාය.මෙම චීන සමාගම ඉතා සූක්ෂම ලෙස මෙම යෝජනාව මග හරිමින්, කූට ක්‍රියාකාරකම් වලින් මෙය softlogic ආයතනය හරහා ම කිරීමට සැරසේ.මේ වනවිට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඔවුන්ගේ යෝජනා වක් ලෙස කිසිදු මූලික වියදම් නැතිව උපයන විට ගෙවීමේ ක්‍රමයට මෙවැනිම යෝජනා වක් ඉදිරිපත් කර ඇත.