විනිසුරුවන් සමඟ ලංකාව පැරද්දූ බංගලාදේශයට එරෙහිව විරෝධතාවක්

Protest
By Thaya Apr 01, 2021 08:27 PM GMT
Thaya

Thaya

Report

බංගලාදේශයේ පැවත්වෙන ජාත්‍යන්තර කබඩි තරගාවලියේදී මීට ටික වෙලාවකට පෙර ලකුණු 33 - 31 ලෙස බංගලාදේශය විසින් ශ්‍රී ලංකාව පරාජයට පත් කළා.නමුත් එම තරගයේදී විනිසුරුවන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගත් තීරණ ගැටළුකාරී විය.ඒ ආකාරයේ තීරණ අවස්ථා කිහිපයකදීම ගත් නිසා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ ජයග්‍රහණය වැළකී ගිය අතර,ශ්‍රී ලංකා කබඩි පරිපාලනය ඊට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වනවා.එම කරුණු දැක්වීම අද රාත්‍රියේම අදාළ නිල වීඩියෝ දර්ශනද සමඟ බංගලාදේශ කබඩි පරිපාලනයටත්,සංවිධායක කමිටුවටත්,ආසියානු සහ ජගත් කබඩි සම්මේලන වෙතත් ලබා දීමට නියමිතව ඇත.තත්ත්වය එසේ තිබියදීත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබා ගැනීමට තිබුණු අතර ලකුණු පූවරුව 32 - 31 ක් ව තිබියදී ජයග්‍රහණ පිපාසාව නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවය බිදී යාමෙන් බංගලාදේශයට 33 වන ලකුණ හිමි විය.ශ්‍රී ලංකාවට එම තරඟයේ අවාසිදායක තීරණ හිමි වූ අවස්ථා මේ සමඟ තිබෙන එහි සජීවී විකාශයට අයත් රූප රාමු නිරීක්ෂණයෙන් පැහැදිළි කර ගැනීමට හැකියාව ඇත