උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කරයි.

Tourist
By Thaya Jan 29, 2021 06:47 AM GMT
Thaya

Thaya

Report

පේරාදෙණිය උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සදහා මේ වසර තුළ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පේරාදෙණීය උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින්ඇමතිවරයා ඊයේ (27) මේ බව සදහන් කළේය.

මෙරට පිහිටි උද්භිද උද්‍යාන අතරින් විශාලතම උද්භිද උද්‍යානය වන පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය මුහුදු මට්ටමේ සිට මීටර් 460 ක් පමණ උසින් පිහිටා තිබේ. 1371 තුන්වන වික්‍රමබාහු රජුගේ රාජ සභාව පිහිටා තිබු භූමිය ලෙස සැලකෙන පේරාදෙණිය උද්භිද උද්‍යානය උද්භිද උද්‍යානයක් බවට පත් කර ඇත්තේ 1821 දීය. ලංකාවේ පළමු “තේ පැළය” සිටුවා ඇත්තේ ද පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළය.

මෙම උද්‍යානය ඕකිඩ් විශේෂයක් සදහා ප්‍රසිද්ධියක් උසුලයි. ශාඛ විශේෂයන් 4000කට වඩා එහි තිබේ. බෙහෙත් පැළෑටි, කුළු බඩු ශාඛ,තාළ වර්ගයට අයත් ශාඛ මෙම උද්භිද උද්‍යානයේ දක්නට ලැබේ. කොවිඩ් වසංගතයට පෙර දෙස් විදෙස් සංචාරකයන් මිලියන 02ක් පමණ වාර්ෂිකව මෙම උද්භිද උද්‍යානයට පැමිණි බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.


GalleryGallery