පෞද්ගලික බස් හිමියන් දැඩි ආර්ථික අපහසුතාවයක?....

Bus Financial
By Thaya Feb 11, 2021 02:32 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්පෞද්ගලික බස්රථවල මගීන් ගමන් කිරිමට නොපැමිණීම නිසා බස් කර්මාන්තය පවත්වාගෙන යාමේදී දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්වී ඇතැයි බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි. මේ වනවිට බස්නාහිර පලාතේ පෞද්ගලික බස්රථ 6221 ක් ලියාපදිංචි වී තිබේ.නමුත් ඇතිවී තිබෙන වසංගත තත්ත්වය හමුවේ මගීන් බොහොමයක් රැකියා කරා ගම්න් කිරීමට නොපැමිණීම හේතුවෙන් බස්රථ හිමියන් හා සේවකයින් දැඩි ආර්ථික අපහසුතාවය පත්වී ඇත. මේ හේතූන් සැලකිල්ලට ගෙන පෞද්ගලික බස්රථ කර්මාන්තය නගා සිටුවීම සදහා පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් සහන රැසක් ලබා දී තිබේ.

පසුගිය වසරේ අප්‍රේල්, මැයි යන මාස දෙකෙහි ලොග් පත්‍ර ගාස්තු නිදහස් කිරීම ,නොවැම්බර් හා දෙසැම්බර් මාසවල යන මාස වල අදාල ලොග්පත්‍ර ගාස්තු අය කිරිමේදී සහන ලබාදීම ,මාර්ග බලපත්‍ර හා ලොග් ගාස්තු කල් ඉකුත් විමේදී අයකරනු ලබන ප්‍රමාද ගාස්තු මේ වසරේ මාර්තු 31 දක්වා නිදහස් කිරීම ,මාර්ග බලපත්‍ර හා කල් ඉකුත්වු බස්රථ ධාවනයට අවසර දීම ,අනවසර ධාවන දඩ මුදල් මාර්තු 31 දක්වා අය නොකිරිම,අවලංගුව වු බලපත්‍ර වලංගු කර ගැනීම සදහා නැවත සහන කාලයක් ලබාදීම ,අදාල කාල සීමාව තුළද බස්රථ ධාවනයට අවසර දීම ,අනිවාර්ය කර තිබු කොන්දොස්තර පුහුණු පාඨමාලා අත්හිටුවීම ,මාර්ග පරීක්ෂක වැටලීම් මත අය කරන දඩ මුදල් අය නොකිරීමටද, මගී ප්‍රවාහන අධිකාරිය නිර්දේශ කරන බස්රථ හිමියන් සදහා ණය පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේන අතර බස්නාහිර පලාතේ හොද සෞඛය ආරක්ෂිත ප්‍රවාහන පද්ධිතියක් ඇති කිරීමට පියවර ගෙන ඇතැයිද ප්‍රසන්න සංජීව මහතා පවසයි.