දඩ මුදල් ගෙවීමට නොහැකිව සිටි සියලු සිරකරුවන් නිදහස්

Prisoners
By Thaya Jan 09, 2021 05:51 PM GMT
Thaya

Thaya

Report

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවය.

අද (09) දිනයේ සිට එම සිරකරුවන් මුදාහැරීමේ කටයුතු සිදුකෙරෙන අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව බන්ධනාගාරවලින් මුදාහැරීමට කටයුතු කෙරෙන බව සඳහන් වේ.

ඔවුන් ආසාදිතයින් නොවන බවට තහවුරු වීමෙන් පසුව සිරකරුවන් නිදහස් කෙරෙන අතර ඒ පිළිබඳව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් සහ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“කොවිඩ්-19 වසංගතය පැතීරිමේ කරුණු මත විශේෂ රාජ්‍ය සමාවක් ජනාධිපතිතුමා විසින් පිරිනමා තිබෙනවා. ඒ අනුව මෙම රාජ්‍ය සමාවට සියලුම දඩ මුදල් නොගෙවා බන්ධනාගාරයේ සිටින සියලුම සිරකරුවන්ට නිදහස ලැබෙනවා. ඒ අනුව ඔවුන් අද දිනයේම මුදාහැරීමට කටයුතු කරනවා. ඒ අනුව බන්ධනාගාරයේ සිටින දඩ මුදල් නොගෙවූ සියලුම සිරකරුවන් නිදහස් කරනවා. “