ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ අගමැතිගේ ස්ථාවරය මෙන්න.
රට තුළ ගෑස් හිඟයක් නොමැති බැවින් ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ(17) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රටේ ආර්ථික තත්ත්වය සහ වෙළෙඳපොළ සම්බන්ධයෙන් පැවැති සමාලෝචන රැස්වීමකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සහල්, පොල් , කිරිපිටි, මාළු, මස්, බිත්තර, පරිප්පු, ධාන්‍ය, රතුළුණු , අර්තාපල් එළවළු සහ ගෑස් ඇතුළු ජන ජීවිතයට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට සැපයීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය එකකය සඳහන් කළා.
ගෑස් සමාගම් මේ වනවිට මිල ඉහළ දැමීමට අවසර ඉල්ලා ඇති බවයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ. මේ අතර එම සාකච්ජාවේදී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකය වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ, දැනට ක්‍රියාත්මක ආනයන පාලනයන් ලිහිල් කලහොත් එය මෙරට ගෙවුම් ශේෂය මත දැඩි පීඩනයක් ඇති කරනු ඇති බවයි. දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම තුළින් විදේශ විනිමය ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම මහ බැංකු නියොජිතයින් මෙහිදී පෙන්වා දුන් බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය එකකය නිකුත් කළ නිවෙදනයේ සඳහන් වනවා.