කොරෝනා පාලනය කිරීමට නොහැකි වීමෙන් අගමැති ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති අතට.

Covid-19
By Thaya Jan 29, 2021 06:46 AM GMT
Thaya

Thaya

Report

‘කොවිඩ් 19" හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කරගැනීමට අපොහොසත් විම සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදයට පත්ව සිටින ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ, සිය ඉල්ලා අස්වීම එරට ජනාධිපතිවරයාට ඊයේ 2 බාරදුන්නේය. අගමැති කොන්තේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ජීයෝ මැටරෙල්ලාට බාරදුන්නේ, කැබිනට් මණ්ඩලය හමුවී සාකච්ඡා කිරිමෙන් පසුවය. 2018 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වී, සන්ධාන රජයක් පිහිටුවීමට කොන්තේ සමත් වූයේ රටේ ආර්ථිකය පණ ගැන්වීමේ ප්‍රධාන අරමුණ ඇතිවය.

කොවිඩ් 19 වසංගතය චීනයෙන් විදේශවලට පැතිරෙද්දී, ඇමෙරිකාවට පෙර, කොවිඩ් 19 වයිරසයේ කේන්ද්‍රස්ථානය වූයේ ඉතාලියයි.

වයිරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට කොන්ගේ රජය අපොහොසත් වුණු අතර ඉතාලි ආර්ථිකය ඉතා වේගයෙන් අඩපණ විය. මේ වනවිට ඉතාලියේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 24,75, 372කි. මරණ වාර්තා වන්නේ 85,881ක් ලෙසය. ඉතාලියේ රෝහල් පිරි සෞඛ්‍ය පද්ධතිය අඩපණ වී වයිරසයට බිලි වී මළසිරුරු ගොඩගැසීමෙන් අග්‍රාමාත්‍ය කොන්තේ ප්‍රමුඛ රජයට එල්ල වුණු එම චෝදනා මුල්කොට ගනිමින් අධිකරණ නියෝගයකට අනුව, විමර්ශනයක් පවා පැවැත්විණි. ඒ, ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන මැටියෝ රෙන්සිගේ මධ්‍යස්ථ මතධාරි පක්ෂයේ මෙහෙයවීමෙනි.

වයිරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට අග්‍රාමාත්‍ය කොන්තේ ප්‍රමුඛ රජය අපොහොසත් වූ බවට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ බහුතරය ද කොක්ට අහිමි විය. නව රජයක් පිහිටුවීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදෙමින්, කොත්තේ ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ අනුවය. කොන්තේ නීතිඥවරයකු මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ද වෙයි.