අගමැති බංග්ලාදේශයේ නිල සංචාරයක

Mahinda
By Thaya Mar 13, 2021 07:05 PM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 19 වනදා බංගලාදේශය බලා පිටත්වයාමට නියමිතව තිබෙනවා. ඒ බංග්ලාදේශයේ නිල ආරාධනයකට අනුවයි.

බංගලාදේශ රජයේ සංවත්සරික උත්සවයක් වෙනුවෙන් සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් මෙලෙස නිල සංචාරයකට එක්වන අතර සාර්ක් කළාපයේ සෙසු රාජ්‍ය නායකයන් සඳහාද මෙම ආරාධනය ලැබී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.

මෙම නිල සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සහ එරට ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවකටද එක්වනවා. 19වනදා දිවයිනෙන් පිටත්වයන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස 20 වනදා රාත්‍රියේ යලි දිවයිනට පැමිණීමට නියමිතයි.