ඉන්දීය හා ශ්‍රී ලංකා උණුසුම අතරතුර පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ලංකාවට... පාර්ලිමේන්තුවත් අමතයි.

India Sri Lanka Parliament Pakistan
By Thaya Feb 08, 2021 05:03 PM GMT
Thaya

Thaya

Report

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පෙබරවාරි 22 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණෙන ඒ මහතා ජනාධිපති අගමැති ඇතුළු ඉහළ පෙළේ කිහිප දෙනෙකු හමුවීමටද සූදානම් කර ඇත. පාකිස්තාන අගමැතිවරයා එම සංචාරය අතරතුර මෙරට පාර්ලිමේන්තුව අමතනු ඇතැයිද වාර්තා වෙයි. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සමග යම් ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන අවස්ථාවක සිදු කරන මෙම හදිසි සංචාරය විශේෂත්වයක් දරයි.