ආණ්ඩුවක් හදන්න සූදානම්.. අගමැති මහින්ද හමු වී සාකච්චා කලා..- රනිල්

Government Mahinda Rajapaksa
By Thaya Mar 08, 2021 05:41 PM GMT
Thaya

Thaya

Report

තමන් එක්සත් ජාතික පක්ෂයේ රජයක් 2024 දී පිහිටුවීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මේ දිනවල තමන් විවේකයෙන් චිත්‍රපට බලමින් සිටින බවත් ඉදිරියේදී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සූදානම් බවත් පවසයි.

ආණ්ඩුව පත් කිරීමට ඡුන්දය දුන් ජනතාවටම දැන් ආණ්ඩුව එපා වී ඇති බවද පවසන ඔහු මේ වන විට රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂය නම් හොඳ රටක් ජනතාවට හදා දෙන බවත් කියා සිටියේය.

තමන් මෑතකදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා බෙන්තොට හෝටලයේ දී හමුවී සාකච්චා කල බවත් දෙදෙනා එක්ව දිවා ආහාරයද බවත් තව දුරටත් සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් ඒ පිළිබඳ ව කිසි දෙයක් නොදන්නා බවත් තමන් ආරක්ෂක කවුන්සිලයට පවා එම දිනවල කැඳවූයේ නැති බවත්ය.