පළමු වසරට ඇතුළත් කර නොගත්තාට සිසුවියට ලක්ෂ පහක වන්දි

Education sri lanka education srilankan school
By Sithumi May 17, 2021 02:37 PM GMT
Sithumi

Sithumi

Report

ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුල් නොකිරීමේ සිද්ධියක් හේතුවෙන්,වසර 2කට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබීමෙන් සිදුවූ අසාධාරණයට වන්දි ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අගතියට පත් එම සිසුවියට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කර ඇත.

අදාළ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට එම සිසුවිය ඇතුල් නොකිරීමෙන් , එම විදුහල්පතිවරිය , සම්මුඛ පරීක්ෂා සහ අභියාචනා මණ්ඩලය සහ ගම්පහ ප්‍රාදේශීය අධ්‍යපන අධ්‍යක්ෂක විසින් සිසුවියගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ අධිකරණය අගතියට පත් සිසුවිය වහාම එම විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුලත් කිරීමට නියෝග කරනු ලැබ ඇත.   

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ අගතියට පත් සිසුවිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන ඒහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. මුර්දු ප්‍රනාන්දු , එස්.තුරේරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

ගම්පහ, අස්ගිරිය පදිංචි සයුරිනි ලිමෙන්සා ප්‍රනාන්දු සිසුවිය සහ සිසුවියගේ පියා වන සමන් දර්ශන ප්‍රනාන්දු විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගම්පහ යශෝධරා දේවි බාලිකා මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ සම්මුඛ පරික්ෂණ මණ්ඩල සභාපති , ඒම විදුහලේ විදුහල්පතිනී .එච්.එම්.ගයනි වත්සලා , විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් , අභියාචනා මණ්ඩලයේ සාමාජිකයින් , ගම්පහ ප්‍රදේශිය අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.ජී .සිරිමා යන මහත්ම මහත්මීන් සහ නීතිපති නම් කරනු ලැබ සිටිති

ReeCha