දේවාලයක් මුවාවෙන් හෙරොයින් අලෙවි කරමින් සිටි පුජකවරයා සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට…

Police
By Thaya Mar 14, 2021 06:13 PM GMT
Report

නාවලපිටිය නගරයේ හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි කපුවෙකු සහ එම කපුවාගේ ආවතේව කටයුතු සදහා සිටි 27 හැවිරිදි කාන්තාවක් නාවලපිටිය පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා නාවලපිටිය නගරයේ දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදා ගනිමින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි එම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ කාන්තාවගේ අත්බැගයේ තිබි හෙරොයින් මත්ද්‍රව්‍යය මිලිග්‍රැම් 140 ක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ඊසිකැෂ් ක්‍රමයට ඉතා සුක්ෂම ලෙස හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කිරිමේ ජාවාරම කාලයක් තිස්සේ නිරතව සිට ඇති අය බවයි දැනට කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

අත්අඩංගුවට ගත් 67 හැවිරිදි කපුවා ගම්පොල අටබාගේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සැකකාරිනිය නාවලපිටිය ඉගුරුඔය පදිංචිකාරිණයක් බවත්, සැකකරුවන් දෙදෙනා (14) දින නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලිම සිදු කල නාවලපිටිය පොලිසියේ නිලධාරින් පැවසිය.