සඳුදා සිට භාණ්ඩ වර්ග 27ක මිල අඩු වෙයි.. සියලු තොරතුරු මෙන්න.

Price
By Thaya Feb 05, 2021 05:15 PM GMT
Thaya

Thaya

Report

එළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවය. එම භාණ්ඩ වන්නේ,

රතු කැකුළු 1Kg - රුපියල් (නව මිල) 93 - (පැවැති මිල)106

සුදු කැකුළු 1Kg - රුපියල් (නව මිල) 93 - (පැවැති මිල) 105

සුදු නාඩු 1Kg - රුපියල් (නව මිල) 96 - (පැවැති මිල) 109

සම්බා 1Kg - රුපියල් (නව මිල) 99 - (පැවැති මිල) 120

කීරි සම්බා - රුපියල් (නව මිල) 125 - (පැවැති මිල) 140

තිරිඟු පිටි - රුපියල් (නව මිල) 84 - (පැවැති මිල) 105

සුදු සීනි - රුපියල් (නව මිල) 99 - (පැවැති මිල) 110

දුඹුරු සීනි - රුපියල් (නව මිල) 125 - (පැවැති මිල) 140

තේ කොළ (100g) - රුපියල් (නව මිල) 95 - (පැවැති මිල) 130

රතු පරිප්පු (Australia) 1kg - රුපියල් (නව මිල) 165 - (පැවැති මිල) 188

ලොකු ළූණු ඉන්දියන් 1kg - රුපියල් (නව මිල) 120 - (පැවැති මිල) 140

අර්තාපල් දේශීය 1kg - රුපියල් (නව මිල) 180 - (පැවැති මිල) (216 - 220)

අර්තාපල් (Pakistan) 1kg - රුපියල් (නව මිල) 140 - (පැවැති මිල) 190

කඩළ 1kg - රුපියල් (නව මිල) 175 - (පැවැති මිල) 225

වියළි මිරිස් 1kg - රුපියල් (නව මිල) 495 - (පැවැති මිල) 550

ටින් මාලු දේශීය 425g - රුපියල් (නව මිල) 220 - (පැවැති මිල) 240

ටින් මාලු ආනයනික 425g - රුපියල් (නව මිල) 265 - (පැවැති මිල) 280

හාල්මැස්සන් තායි 1kg - රුපියල් (නව මිල) 545 - (පැවැති මිල) 700

කුකුල් මස් සම සහිත - රුපියල් (නව මිල) 400 - (පැවැති මිල) 430

ලුණුකැට 1kg - රුපියල් (නව මිල) 43 - (පැවැති මිල) 55

කිරි පිටි 400g - රුපියල් (නව මිල) 355 - (පැවැති මිල) 380

සෝයා තෙල් 500ml - රුපියල් (නව මිල) 310 - (පැවැති මිල) 470

රෙදි සෝදන සබන් (BCC) 115g - රුපියල් (නව මිල) 43 - (පැවැති මිල) 53

රෙදි සෝදන සබන් 650g - රුපියල් (නව මිල) 260 - (පැවැති මිල) 325

සුවඳ සබන් 100g - රුපියල් (නව මිල) 56 - (පැවැති මිල) 63

දෑත් සෝදන දියර 100ml - රුපියල් (නව මිල) 250 - (පැවැති මිල) 350

මුඛ ආවරණ (SLS සහතික ලත්) - රුපියල් (නව මිල) 14 - (පැවැති මිල) 25