අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල මාස 6ක් සඳහා ස්ථාවර කෙරේ

Essential items
By Thaya Feb 04, 2021 07:46 PM GMT
Report

වෙළෙඳ අමාත්‍යාංශය පෙබරවාරි සිට ජුනි මාසය දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව තබාගැනීම සඳහා ව්‍යාපාරිකයින් සමග ගිවිසුමකට එළඹ තිබේ.

රතු කැකුළු 1Kg, සුදු කැකුළු 1Kg, සුදු නාඩු 1Kg ,සම්බා 1Kg ,කීරි සම්බා , තිරුඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ (100g), රතු පරිප්පු (Australiya) 1kg, ලොකු ළූණු ඉන්දියන් 1kg, අර්තාපල් දේශීය 1kg, අර්තාපල් (Pakistan) 1kg, කඩල 1kg, වියලි මිරිස් 1kg, ටින් මාලු දේශීය 425g, ටින් මාලු ආනයනික 425g, හාල්මැස්සන් තායි 1kg, කුකුල් මස් සම සහිත, ලුණුකැට 1kg, කිරි පිටි 400g, සෝයා තෙල් 500ml, රෙදි සෝදන සබන් (BCC) 115g, රෙදි සෝදන සබන් 650g, සුවඳ සබන් 100g, දෑත් සෝදන දියර 100ml, මුඛ ආවරණ (SLS සහතික ලත්) එම භාණ්ඩ වේ.

මෙම ගිවිසුමේ මිල ගණන් වෙනස් කළ හැක්කේ විනිමය අනුපාතය වෙනස් වුවහොත් හෝ මෙම භාණ්ඩ සඳහා රජය බදු අය කළහොත් පමණි. මෙම භාණ්ඩ සඳහා ගැසට් නිවේදන නිකුත් නොකරණ බවත් එම භාණ්ඩ විකුණනු ලබන්නේ ලංකා සතොස, සමුපකාර සහ Q shop මගින් පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය