ජනපති අනුර ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි. - මහින්ද රාජපක්ෂගේ ඉඩමත් තක්සේරු කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසන්නේ ජනාධිපතිවරුන් එන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කර ගෙදර යෑමට බවත්,රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසු ආණ්ඩුවේ ගෙදරක් නොගත් බවත් ඒ ගැන තමා ඔහුට ස්තූතිවන්ත වන බවත්ය.
කෙසේ වෙතත් හේමා ප්‍රේමදාස ආණ්ඩුවේ ගෙදරක සැලකිය යුතු කාලයක් සිටි බවත්, මේ ප්‍රශ්නය සමාජගත වීමෙන් පසු ඇය නිවස බාර දුන් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එමෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් චිත්‍ර සිරි කමිටුව පත්කළ පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ නිවස බාර දුන් බව ජනාධිපති අනුර සඳහන් කළා.
මේ අතර නිවාස භාර නොදුන් ජනාධිපතිවරුන් තිදෙනෙකු ඉදිරිව සිටින බවත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, මහින්ද රාජපක්ෂ, සහ මෛත්‍රිපාල සිරිසේන එම තිදෙනා බවත් අවධාරණය කරනවා.
මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වන කොළඹ විජයරාම මාවත නිවසේ ඉඩම අක්කර යයි පර්චස් 13 ක් බවත් නිවසේ වර්ග අඩි ප්‍රමාණය තිස් දහස් පන්සීයක් බවත්,ජයේ තක්සේරුව අනුව එම නිවස කෝටි 350ක් වටිනා බව ජනාධිපතිවරයා පවසනවා.
ඒ අනුව එහි මාසික කුලිය ලක්ෂ 46ක් බව තක්සේරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බවත්,ජනාධිපති මන්දිරය තමා පාවිච්චි නොකළාට ජනාධිපති ධූර කාලයෙන් පසු එය රජයට ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා මේ නිවාස කිසිවක් නැවත රජයට නොලැබෙන බවද ප්‍රකාශ කළා.
You may like this video